ඊයේ දිනයේ අලුත්කඩේ උසාවිය තුළදී සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එහි පැමිණියා.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් පිටව ගිය අතර, ඔහුගේ රියදුරුට බූරුවා යනුවෙන් දුරකතනයෙන් ආමන්ත්‍රණය කිරීමේ සිද්ධිය දැඩි කතාබහට ලක්වුණා.

අද එය පාර්ලිමේන්තුවේදී ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිහිපත් කළ අතර, කැබිනට් මාධ්‍ය හමුවේදී අදාළ වචන භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේ, එවැනි වචන භාවිතයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරුගේ පවුලේ පුද්ගලයන්ට ද යම් සිත්තැවුලක් මතුවන බව සඳහන් කරමින්.

ඊට පිළිතුරු වශයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, එවැනි ආතතිගත තත්ත්වයන් තුළදී එවැන්නක් සිදුවිය හැකි බවත්, ඊට නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් තමා සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.

source :- https://tinyurl.com/3a5ap76s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here