
පාතාල කල්ලි නායකයෙකුත් බව කියන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදුකළා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වෙඩි තැබූ පුද්ගලයා සහ ඔහු ගමන් ගත් වාහනයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවේ පසු වෙනවා.

source :- https://tinyurl.com/5axfjzkj







