නියමු ව්‍යාපෘතියක් ලෙස කොරියානු ජන රජයේ සෘතුමය සේවක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොරියානු රජය තම කෘෂිකර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍ර වල ඍතුමය ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ඍතුමය සේවක වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.

එමඟින්, එරට පළාත් පාලන ආයතනවලට කෙටි කාලයක් සඳහා විදේශීය සේවකයින් නීත්‍යානුකූලව බඳවා ගැනීමට ඉඩ සලසා දී ඇති බව සඳහන්.

එම වැඩසටහන් යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා අවස්ථාව සලසා දීමට හැකි වන පරිදි දෙපාර්ශ්වය අතර සහයෝගිතාව ඇති කර ගැනීම පිණිස කොරියානු ජන රජයේ පළාත් සහ නගර සභා (ප්‍රාන්ත) විසින් කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව, සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එකී වැඩසටහන යටතේ උපරිම වශයෙන් වසර තුනක (03) කාල සීමාවක් තුළ වාර තුනක් (03) දක්වා සේවය කිරීමට හැකි වන පරිදි නියමු ව්‍යාපෘතියක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජන රජයේ අදාළ පළාත් සහ නගර සභා (ප්‍රාන්ත) සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමටත්, නියමු ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය මත පදනම්ව එම වැඩ සටහන ඉදිරියට පවත්වා ගෙන යාමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමතකර තිබෙනවා.

source :- https://tinyurl.com/mtfzc8pd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here