2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව භාරගත් ඇප තැම්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස, මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ඇප මුදල් තැම්පත් කරන ලද අපේක්ෂකයන් මේ මස 28 වන දිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත මුදල් තැම්පත් කරන ලද ලදු පතෙහි මුල් පිටපත සහ ඇප තැම්පතු මුදල් ආපසු ඉල්ලීමේ ලිපිය භාරදිය යුතු වනවා.

ඇප මුදල් තැම්පත් කරන ලද තැනැත්තා වෙතම මුදල් ආපසු ගෙවිය යුතු බවටද අදාළ නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිසම කියා සිටියේ.

source :- https://tinyurl.com/4z5wmra2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here