සමාජ මාධ්‍ය ජාලයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී, සඳහන් වූ කරුණු අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහාය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට “අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ” නැමැති සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මෙම සංවිධානය විසින් ඉහත සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සඳහන්.

source :- https://tinyurl.com/ydwcnum4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here