පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පෙබරවාරි 14 වන දින පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 17 වැනි සදුදා ‍ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කරනු ලබනවා.

එසේම පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

source :- https://tinyurl.com/y9yy7sxc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here