ග්‍රාම නීලධාරීවරයෙකු සිය බලය අනිසි ලෙස යොදවමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝනි වේලීම නිසා රථ වාහන සහ ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්වූ පුවතක් වාර්තා වනවා.

එම ග්‍රාම නීලධාරීවරයා අද (10) දා උදෑසන සිටම මෙසේ වී වේලීමේ නිරතව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුව නිසා පාසල් ළමුන්ට හා රජයේ සේවකයින්ට අදාල ස්ථාන වෙත යාමට නොහැකි වී ඇති බවයි කිළිනොච්චිය, කණ්ඩාවලෙයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.

මෙම ග්‍රාම නිලධාරීවරයාගේ කුඹුරෙන් අස්වැන්න නෙලාගෙන වී තොග ගෝනිවල අසුරා නිවස වෙත රැගෙන එමින් තිබියදී වී තොගය ඇලකට පෙරළී ඇති බවත් ඒවා මෙසේ වේලා ඇති බවයි වාර්තා වන්නේ.

එම වී ගෝනි වියලා ගැනීමට ඔහු ඒවා පාර මැදම තබා පසෙකට වී බලා සිටි බවයි පැවසෙන්නේ.

මේ නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි වාර්තා වන්නේ.

අනතුරුව පැය හතරකට පමණ පසුව එතැනින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ග්‍රාම නිලධාරීවරයාට කරුණු කියා තිබෙන අතර එහිදී ග්‍රාම නිලධාරීවරයා ඔහුගේ සේවකයින් ලවා වී ගෝනි පාරෙන් ඉවත් කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙකී ග්‍රාම නිලධාරීවරයා නිතරම සිය බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට පීඩාවන ලෙස කටයුතු කරන අයෙකු බවයි කිළිනොච්චිය, කණ්ඩාවලෙයි ජනතාව පවසන්නේ.

source :- https://tinyurl.com/5r4ves9m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here