රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකු විසින් පරිහරණය කළ බවට සැක කරන මෑත කාලය තුළ පුද්ගයන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සඟවා තැබු රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුතු සුඛෝපභෝගි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි, ඇති බවට වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව උපායදුතයින් යොදවා ලබා ගන්නා ලද තොරතුරු මත සකස් කරන ලද සැලසුමකට අනුව ඊයේ (28) දින සිදු කරන ලද වැටලීමකදී රත්නපුර අංගම්මන ප්‍රදේශයේ කොන්ක්‍රිට් වැඩපලක ව්‍යාජ අංක තහඩු සවි කරන ලද නීති විරෝධි ජීප් රථයක් සඟවා තිබියදී සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද වැඩිදුර විර්මශණයේදි මෙම රථයේ චැසි අංකය හා එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවත්, මෙම ලියාපදිංචි අංකය යටතේ ඉදිරිපත් කරන ලද ලියාපදිංචි ලේඛනයට අදාලව රථය පරීක්ෂා කිරීමේදී ලියාපදිංචි ලේඛණය අනුව ජීප් රථයේ සවි කර තිබු අංක තහඩුව අනුව එය MOTOR LORRY ක අංක තහඩුවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, ලියාපදිංචි ලේඛණය අනුව රථයේ පැහැය MEROON ලෙස සදහන්ව ඇතත් අත්අඩංගුවට ගන්නා ලද ජීප් රථය අළු පැහැය බවත්, රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාවය CC 1280 ලෙස ලියාපදිංචි ලේඛනය අනුව සදහන්ව ඇතත් මෙම රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාව CC 2800 කට වඩා වැඩි රථයක් බවටත් කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/scjwyrjt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here