
දකුණු කොරියාවේ බුසාන් හී ගුවන් තොටුපළකදී මගී ගුවන් යානයක් ගිනිගෙන තිබෙනවා.
ගින්නේන් ගුවන් මගීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර යානයේ ගමන් කිරීමට සූදානමින් සිටි මගීන් 169 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හත් දෙනෙකු යානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හොංකොං බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ එයා බූසාන් ගුවන් සේවයට අයත් මෙම යානයේ පිටුපස කොටසෙහි මෙම ගිනි ගැනීම ආරම්භ තිබෙනවා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මකයි. දකුණු කොරියාවේ පසුගිය මාසයේ සිදු වූ ගුවන් අනතුරෙන් 179 දෙනෙකු මියගියා.
source :- https://tinyurl.com/2wjfx59c








