හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම අසල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්.

කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා මෙම පෞද්ගලික බස් රථය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති අතර එම ගමන සඳහා තිස්පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා.

මෙම අනතුරෙන් එම සේවක සේවිකාවන්ගෙන් සිව් දෙනකු තුවාල ලබා තිබෙන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයකුත් සඳහන් කළේ.

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයේ සිටි පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා

පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මින්නේරිය පොලිසිය වෙත රැගෙන යෑමට නියමිත බවයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ.

source :- https://tinyurl.com/mvsdx8tu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here