ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගනයට අද (23) අළුයම් කාලයේදී දේපල සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරි යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදු කර ඇති අතර, එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම අනෙක් සැකකරුවන් පලාගොස් තිබෙනවා.

සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/266nx8mk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here