සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබෙනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ලබන මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සදහා ඔවුන් මෙලෙස කැදවා ඇති බවයි.

මේ අතර, නිල වශයෙන් සියලු අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීමේ කටයුතු ද අද සිදු කෙරෙනවා.

මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/mpyhst3r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here