
ගිනස් වාර්තාවට ගිය ආණ්ඩුවක් අපි හදා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) හොරණ මොරගහහේන, යහළකැලේ වත්තේ පිහිටි චේ උද්‍යානයේදි පැවති ‘චේ දින’ සමරු වැඩසටහනට එක්වෙමින්.
එහිදී ලේකම්වරයා කියා සිටියේ ලෝකේ කුඩාම ඇමැති මණ්ඩලය සහිත ආණ්ඩු තියෙන්නේ තම පිරිසට බවයි. එමෙන්ම එම වාර්තාව කවුරුත් කඩන එකක් නෑ කියලා හිතන බව ඔහු කියා සිටියා.

ජනතාව ඇත්ත්ටම ඉල්ලා සිටියේ බඩු මිල අඩුකරන්නවත්, රස්සා දෙන්න කියන එක නොවන බවත් ඔවුන් ඉල්ලා සිටියේ මේ කැත දේශපාලන ඉවත් කරන්නැයි ටිල්වින් සිල්වා කියා සිටියා.
වත්මන් ආණ්ඩුව ගෙනයාමට පොදු ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ඒ අනුව ජනතාවට ආදර්ශමත් ආකාරයට වැඩි කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/3xys8wfh








