
කයියනායකලා කයිවාරු ගැහුවාට අද රට පාලනය කරන අයට බිත්තරයක මිල පාලනය කර ගන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණින් තරග වැදීම සඳහා නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී ඔහු කියා සිටියේ අද ආණ්ඩුවේ පිරිස් එදා කියා සිටියේ බිත්තරයකින් රුපියල් 10 ක් කොමිස් යන බවයි. නමුත් එම පිරිසට අද බිත්තරයේ මිල පාලනය කර ගැනීමට නොහැකි බව ලාන්සා කියා සිටියා.

ඒවගේම අයි.එම්.ඒෆ් සම්බන්ධයෙන් එදා කියපු කතා කිසිවක් එක බිංදුවක්වත් නොකියා සිටි බව ඔහු මෙහිදී කියා සිටියා.
අපට ආණ්ඩු අවශ්‍ය නොමැති බවත් බලාපොරොත්තු වෙන්නේ විපක්ෂ නායකකම බව ඔහු කියා සිටියා.
විශාල පලපුරුද්දක් තියෙන කණ්ඩායමක් ආණ්ඩුව ගන්නවා කිව්වාට ඇත්තටම ඒ අයට කිසිම පලපුරුද්දක් නොමැති අය බවත් මිනිස්සු එක්ක ගැවසුණේ නැති අය බව ඔහු අවධාරණය කර සිටියා.
එමෙන්ම පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/u8refwke








