ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි.

එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් දරන සිව් දෙනෙකු සිටින අතර මේ වන අමාත්‍යවරුන් වශයෙන් සිව් දෙනා අතර අමාත්‍යංශය 15 බෙදී යනු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද (24) රාත්‍රී යේදී විසුරුවා හරින බව එම පක්ෂයේ දේශපාලන ආරාංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරව ඔහුට රජයේ අමාත්‍ය ධුරයක් දැරීමට කිසිදු බාධාවක් නොවේ.

නමුත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් නොදී පාර්ලිමේන්තුව ඇමතීම, ඡන්දය භාවිතා කිරීම සිදු කල නොහැකි වනවා.

source :- https://tinyurl.com/5n7ypcyu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here