
විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ධුරයෙන් ඉවත් වන බවට ඊයේ (24) සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම, අර්බුදකාරී වාතාවරණයක දී තමන් භාරගත් අමාත්‍යාංශය මේ වන විට ශක්තිමත් මුල්‍ය තත්වයකින් යුතුව මෙන්ම ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීමට හැකි තත්වයකට පත් කළ බවටද ප්‍රකාශ කර තිබෙනවා.

එසේම කිසිදු ගැටලුවකින් තොරව විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟුරු තොග සහිතව පවතින ඇති බවටද හිටපු අමාත්‍යවරයා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය 20 වනදා වන විට ඩීසල් ලීටර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 23,888ක්, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක්, 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සංචිත ලෙස පවතින බවයි.
source :- https://tinyurl.com/38cut7e5







