ඝාතනයකට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (19) මිදිගම, දිගරැද්ද හා හාත පැලෑන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිදිගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ (19) මිදිගම පොලිස් වසමේ ගොවියාපාන පාලම අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500 ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 30 වයස්වල පසුවන කෝට්ටේ හා අඟුළුගහ ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

එක් සැකකරුවෙකු වෙඩික්කරුවන්ට රැඳී සිටීමට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන්ද අනෙක් සැකකරු වෙඩික්කරුවන් ත්‍රිරෝද රථයෙන් රැගෙන යාම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

source :- https://tinyurl.com/yckakbkd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here