2024 වසර තුළ කෙටි සහ දිගු කාලීන අලු‍ත්වැඩියා සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට මෙතෙක් පැමිණ ඇති යාත්‍රා සංඛ්‍යාවෙහි පූර්ණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මේ වසර ජනවාරි සිට අගෝස්තු මස දක්වා යාත්‍රා 23ක් අලු‍ත්වැඩියා සේවා ලබාගෙන ඇති බව සදහන්. හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ නැව් අලු‍ත්වැඩියා සඳහා විවිධ ප්‍රවීණතාවන්ගෙන් යුත් සේවාවන් සපයන සමාගම් කිහිපයක් එක්ව සිටිනවා.

දිය යට සහ දිය මත අලු‍ත්වැඩියා සඳහා ඕනෑම ප්‍රමාණයේ යාත්‍රාවකට පහසුවෙන් නැංගුරම් ලෑමට හැකි නැංගුරම් පළවල් වරාය සතු වන අතර මෙම සේවා අංශය ඉදිරි වසරේදී තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂාව බවයි හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නාවික සේවා සහ නාවික යාත්‍රා කළමණාකරණ අංශය සදහන් කළේ.

එමෙන්ම අලු‍ත්වැඩියා සඳහා පැමිණෙන යාත්‍රා වැඩිවීම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය නැව් අලු‍ත්වැඩියා වෙළඳපොළ තුළ ප්‍රමුඛයෙක් ලෙස සම්මත කර තිබෙනවා.

source :- t.ly/fkbMW

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here