අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පෙරේදා (05) පැමිණිල්ලක් ලැබී තිබුණි.

එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු වන අතර ඔහු වවුනියාවේ රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්ද සලකුණු කරන මධ්‍යස්ථානයකට ගොස් සිටියදී මෙම ක්‍රියාව සිදු කොට තිබේ.

ඔහු එම නිල තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය කුමක් දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එය කුමක්දැයි ප්‍රකාශ කළ හැකි බව වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඔහු සමාජ මාධ්‍ය වෙත යොමු කොට ඇත්තේ දෙමළ පොදු අපේක්ෂකයා වෙනුවෙන් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයකි.

මේ සම්බන්ධයෙන් වවුනියාව මැතිවරණ කාර්යලය වෙත හා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් වෙත ද පැමිණිලි කොට තිබේ.

source :- t.ly/Q-X2M

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here