ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට ඊයේ (06) සමත්විය.

මහා පරිමාණයෙන් හයිද්‍රාබාද් නගරයේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් කිහිපදෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අයිස්ක්‍රීම්වලට විවිධ වර්ගයේ විස්කි මිශ්‍ර කරමින් එම අයිස්ක්‍රීම්, පාරිභෝගිකයින් වෙත ඉහළ මිල ගණන්වලට අලෙවි කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන් විසින් අයිස්ක්‍රීම් කිලෝග්‍රෑමයකට විස්කි මිලිලීටර් 60 බැගින් මිශ්‍ර කර මෙලෙස අලෙවි කර ඇති බව පැවසේ .

එලෙස අලෙවි කිරීමට ඇති විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ මෙම ජාවාරම වැටලීමට ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා විය .

source :- t.ly/c8Gp_

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here