පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් මෙන්ම ත්‍රීරෝද රථයක් හදිසියේම ගිනි ගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කලද, ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍යි පොලිසිය සඳහන් කළේ.

වෙන්දේසි වත්තක පිහිටි මෙම විශාල ඉඩමට කිසිවෙකුට ඇතුලත් වීමට හැකියාවක් නොමැති බවත්, කිසිවෙකු විසින් මෙම වාහනවලට ගිනි තැබුවාද නැතහොත් එක් වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහනවලටත් ගිනි ඇවිලුනාද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පාදුක්ක පොලිසිය සඳහන් කළා.

source :- t.ly/lD939

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here