
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට (25) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ගවලට අනුව ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන රැලියට සහභාගී වීමටද ආරාධනා කර ඇති බවද එම වාර්තාවල සඳහන්.
එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදී කටයුතු කිරීම හේතුවෙන් තමාට හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයක් හට ගෙන ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පසුගියදා (21) පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් වුණා.









