ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා.

එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 මූල්‍ය වර්ෂයට අදාළ විගණනය අද (24) පැවැත්වෙන අතිවිශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.

එහි දී එය ඒකමතිකව අනුමත වූ බව සඳහන්.

ශුද්ධ ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් මූලික වශයෙන් ප්‍රධාන ආදායම් මාර්ග හතරට හේතු වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම් සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබීම ඒ අතර වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here