
අම්බලන්තොට වී පර්යේෂණායතනය හඳුන්වා දුන් (A T 378) නව වී ප්‍රභේදය හෙක්ටයාරයකට වී මෙට්‍රික්ටොන් 12-14 අතර ඉහළ අස්වැන්නක් ලබා දෙන බව එම පර්යේෂණ ආයතනය පවසනවා.
මෙම වී ප්‍රභේදය වසර 13ක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයාගෙන ඇති අතර මෙරට වී ප්‍රභේදයක් එතරම් අස්වැන්නක් ලබාදුන් පළමු අවස්ථාව මෙය බව සඳහන්
මෙම (AT 378) නව වී වර්ගය මඟින් අක්කර- යකට බුසල් 180ක් සහ හෙක්ටයාර් එකකට වී බුසල් 450ක අස්වැන්නක් ලබා දෙන බවයි අම්බලන්තොට වී පර්යේෂණායතනය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම වී ප්‍රභේදයේ ගොයම ගංවතුර තත්ත්වයකට වුවද ඔරොත්තු දෙන බව තහ- වුරු කරගෙන තිබෙනවා.
මෙම වී බුසලක බර කිලෝග්‍රෑම් 21ක් බව ද සඳහන්.







