සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද(21) දැනුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ඒ අනුව ඇයගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මන්ත්‍රී ධූරය රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ජන්ද ලැයිස්තුවේ ඊළඟට සිටින කරුණාරත්න පරණවිතාන මහතාට හිමිවීමට නියමිතයි.

කරුණාරත්න පරණවිතාන මහතා මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.

ඔහු 2015 සිට 2020 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here