බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙන් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත්වීමට අවස්ථාව හිමිවිය.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කිරීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here