පකිස්ථානයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේ යාසාඩ්හිදි පෙරළීයාමෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදුවු මෙම අනතුර සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔවුන්ගෙන් 14 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

7 වන සියවසේදී මියගිය ෂියා සාන්තුවරයෙකු අනුස්මරණය කිරීම සඳහා ඉරානය හරහා ඉරාකය බලා යමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණ දි තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here