Friday, April 24, 2026

දේශීය පුවත්

බෝඩිම් කාමරයක සිටි කාන්තාවක්ව ඝාතනය කෙරේ

සීදූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (04) දින සවස් කාලයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනයට ලක් වූ...

හෙරොයින් නඩුවකින් බේරුණු තුන්දෙනෙක්ට යළි වරෙන්තු

2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝ 196කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩුවකින් නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝග කළා. මෙම සිද්ධියට...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 95 කිලෝමීටර කණුව ආසන්නයේ ලොරි රථයක් පෙරළී අද උදෑසන සිදු වූ අනතුරින් රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ ලොරි රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මේ හේතුවෙන් කොළඹ...

කුඩා ග්‍රහකයක් අද පෘථිවියට කඩා වැටෙයි

කුඩා ග්‍රහකයක් අද පෘථිවියට කඩා වැටුණු බව නාසා ආයතනය සඳහන් කරනවා. නාසා ආයතනයට පවසන්නේ, දළ වශයෙන් මෙම ග්‍රහකය මීටර් 1 (අඩි 3) පමණ වන අතර, එය පිලිපීනයට ඉහළින් ලූසොන් දූපත අසල දැවී ගිය බවයි. එය ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, වායුගෝලයේදීම දැවී අවසන්ව...

විනිසුරු නිල කාමරයේ ගිනි අවියක් පත්තු වෙයි

අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ ගිනි අවියක් පත්තු වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසනවා. හිරු නිව්ස් කල විමසීමකදී පොලිස් මාධ්‍ය කාර්යාලය කියා සිටියේ ඊයේ පස්වරුවේ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් විනිසුරු නිල කාමරයේ දී මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති...

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කළා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි. source :- https://shorturl.at/CWRpw

අදත් විටින් විට වැසි

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව පළාතේත් මඩකලපුවසහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි...

හෙළුවෙන් එන සොරෙක්

දින කිහිපයක් තිස්සේ නිරුවතින් නිවෙස්වලට ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වනවා. කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ගම්මානවල ජනතාව මේ හේතුවෙන් භීතියටත් අපහසුතාවටත් පත්ව සිටින බවයි වාර්තා වන්නේ. නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ...

කටුනායකින් පැන්නූ කෝටි 12ක රන් බිස්කට් කොටුවෙයි

කෝටි 12කට අධික වටිනා රන් බිස්කට් හා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපලින් පිටව ගිය තිදෙනෙක් බැංගලෝර් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගුවන් තොටුපලේ රේගූ නිලධාරීන් විසින් ඊයේ (3) මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස යාපනය හා කිළිනොච්චියේ පදිංචිකරුවන්...

බදුල්ලේ පාසල් 13 වැනිදා සිට වැසෙයි.

බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් පවසනවා. ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්. ඒ අනුව ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල...
statistics