සීදූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (04) දින සවස් කාලයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනයට ලක් වූ කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ එම බෝඩිම් කාමරයේ ජීවත්ව ඇති අතර කටුනායක ආයොජක ප්‍රවර්ධන කලාපයේ සේවය කර ඇත.

නමුත් කාන්තාවගේ ඝාතනයෙන් පසුව එම පිරිමි පුද්ගලයා පළ ගොස් ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

එම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.

source :- https://shorturl.at/YWWtw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here