අයි.සී.සී ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව තිබෙනවා.

දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 06වැනි ස්ථානයයි.

මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට ආරම්භ වනවා.

මේ අතර, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 05ක ජයක් ඊයේ හිමි වුණා.

කෙසේ වෙතත් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

source :- https://shorturl.at/oIFQu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here