බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් පවසනවා.

ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්.

ඒ අනුව ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මේ මස 13 සිට 24 දින දක්වා වසා දමන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන බවද සඳහන්.

ඔහු පැවසුවේ ජනාධිපතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවයි.

බදුල්ල මධ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යළි ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් වැඩිදුරටත් පැවසුවේ බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාළිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත බවයි.

source :- https://shorturl.at/Rc13a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here