
සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඕස්ට්‍රේලියාවේ සම්මානනීය නළුවෙක් වන සයිමන් බේකර්ට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට සිදුව තිබෙනවා.
ඒ පසුගිය දිනක අලුයම බයිරන්බේ කලාපයේ ඔහුගේ නිවස අසල මාර්ගයකදී බීමතින් රිය පැදවීම හේතුවෙන්.
ඔහුට මේ චෝදනා එල්ලව තිබුණේ ඉකුත් ජුලි 20 වැනිදායි.

කෙසේ වෙතත්, ඔහු උසාවිය ඉදිරියේ පෙනී සිටීමෙන් පසු තමන් සිදුකළ වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
55 හැවිරිදි වියේ පසුවෙන සයිමන් බේකර් සම්මානලාභී රංගන ශිල්පියෙක් ලෙස රසික ජනාදරය නොඅඩුව දිනාගත් අයෙක්.
source :- https://shorturl.at/usweb








