සැප්තැම්බර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.

අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර එහි මිල රුපියල් 3,680ක් ලෙස මෙම මාසයේ දී ද අළෙවි කිරීම සිදු කරනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු වී ඇති අතර, එය රුපියල් 1,477 ලෙසයි අළෙවි වන්නේ.

source :- https://shorturl.at/fshc1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here