“ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇත” සජිත් කියයි
ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (08) නුවරඑළිය තලවකැලේ පැවැති ජනහමුවට එක්වෙමින්.
මෙය 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 39...
මැතිවරණ කොමිසමෙන් දැනුවත් කිරීමක්
ජනපති අපේක්ෂකයන්ගේ මැතිවරණ අත්පත්‍රිකා බෙදාහැරීම සදහා නිවෙස් වෙත යා හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයින් 05 දෙනෙකුට පමණක් බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සදහන් කළේ සියලුම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.
source...
රැළියට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගනී
මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ දී ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළියක් පවත්වා තිබෙනවා.
එම ජන රැළියට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව ඇත.
එහිදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්...
මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 2,863ක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,863 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,041 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,822 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය...
කළුතර දකුණ ඡන්ද පත්‍රිකා බෙදූ තැපැල්කරුවෙකුට පහරදීමක්
ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
මේ වනවිට තැපැල්කරු රෝහල් ගතවීම සඳහා පෝරමය ද රැගෙන පිටව...
ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයේ පළකළ පුද්ගලයාට උන දේ…
මුලතිව්, පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූපගත කළ පුද්ගලයාව මුලතිව් පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිරු ප්රවෘත්ති කළ විමසීමකදී මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ප්‍රදේශයේ පාසලක...
ජනාධිපතිවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී කියූ දේ…
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්රදානෝත්සවය...
හෙට ගෙදර ඉන්න.. ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..
මේ වන විට, 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ බෙදාහැර ඇත.
ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.
නියෝජ්‍ය...
ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපොළ අවභාවිතය ඉහළට
ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක් පවතින බව මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසනවා.
එවැනි පැමිණිලි 260ක් ලැබී ඇති බව මැතිවරණ ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනය පෙන්වා දෙනවා.
ඒවාගෙන් පැමිණිලි 233ක් ලැබී ඇත්තේ රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් බවයි එම සංවිධානයේ විධායක...
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තැපැල් ඡන්ද පත්‍රිකාව
සලකුණු කරන ලද තැපැල් චන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීමේ සිද්ධියක් සම්බන්දයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අදාල ඡායාරූපය සමාජ...














