ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ පැමිණිලිවල වර්ධනයක් පවතින බව මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසනවා.

එවැනි පැමිණිලි 260ක් ලැබී ඇති බව මැතිවරණ ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනය පෙන්වා දෙනවා.

ඒවාගෙන් පැමිණිලි 233ක් ලැබී ඇත්තේ රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ.

එසේම ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නිති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර පොලීසිය පවසන්නේ මැතිවරණ නීති කැඩු 52ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම පොලිසිය පවසන්නේද මැතිවරණ නිති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වර්ධනයක් ඇති බවයි.

source :- https://tinyurl.com/2jmt2ubp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here