ගෙවුණු පැය 24ට ප්‍රදේශ කිහිපයකදී සිදුවු රිය අනතුරුවලින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොතුහැර, කුඩාඔය, වාරියපොල සහ මුන්දලම යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වූ බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ – කුරුණෑගල මාර්ගයේ කඳුරුකුඹුර ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටී අනතුර සිදුවුණා.

වාරියපොල – පුත්තලම මාර්ගයේ බඹරගම්මන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ලංගම බස් රථයේ පාපුවරුවේ ගමන් කල පුද්ගලයෙකු මිය ගිය බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර හලාවත – පුත්තලම මාර්ගයේ බත්තළුඔය ප්‍රදේශයේදී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරෙන් පසුව මෝටර් රථය පලා ගොස් තිබෙනබවත් එය සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

source :- https://shorturl.at/rIZkd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here