සලකුණු කරන ලද තැපැල් චන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීමේ සිද්ධියක් සම්බන්දයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාල ඡායාරූපය සමාජ මාධ්‍යයේ හුවමාරු කල පුද්ගලයා සම්බන්දයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පසුගිය දින තුනේ දී පැවැත්වුණා.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍යසේවකයින්ට සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා වෙන් කර තිබෙනවා.

source :- https://shorturl.at/7SG75

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here