තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝම්බර 10 දක්වා
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර (10) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර්ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
මීට පෙර සැලසුම් කර තිබුණේ එම කාලය (8) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.
source :- https://tinyurl.com/bmys6u7a
IMF හමුවේ දී වුණ දේ විජිත පහදයි
ඉකුත් දා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාව සංකල්පීය මට්ටමේ සාකච්ජාවක් පමණක් බවත්, එහි දී ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ජා නොවුණු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්...
ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය
ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර ජනාධිපති ලේකම්...
තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම් කිරීමට...
නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද
නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම අනුමත කර ගැනීමට නියමිතයි.
වැඩබලන පොලිස්පතිවරයා...
මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර අහෝසි කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින්, ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන...
මහින්දගේ විදුලි රැහැන් ඉවත් කෙරේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාවිතා කරනු ලබන තංගල්ල, වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද (05) දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව වලස්මුල්ල ලං.වි.ම....
ජනාධිපති සාකච්ඡාව ගැන එරටින් නිල නිවේදනයක්
මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවේදි මෙරට බලශක්තිය ,ඩිජිටල් යටිතල පහසුකම් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක්ය...
ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපති කාර්යාලයේ දී ජනපති හමු වෙයි
නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික...
මහ මැතිවරණය පක්ෂ පහකට තහනම් වෙයි
පක්ෂ පහක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
එම පක්ෂ පහේ ලේකම්වරුන්ගේ ගැටලු පවතින බැවින් මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර ලබා නොදීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
එහි සභාපති ආනන්ද රත්නායක සඳහන් කළේ අදාළ දේශපාලන පක්ෂවල...














