පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින්, ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යනු ලබනවා.

source :- https://tinyurl.com/bdcmpskt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here