ජනාධිපති අනුර කුමාර ”ක්ලීන් ශ්‍රී ලංකා” එළිදැක්වේ
සියලු පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතු බව, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කළ නව රජයේ ''ක්ලීන් ශ්‍රී ලංකා'' වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.
2025...
අයවැය විවාදය පෙබරවාරි මස 18 සිට මාර්තු 21 දක්වා
අයවැය විවාදය පෙබරවාරි මස 18 සිට මාර්තු 21 දක්වා දින 26ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව, අයවැය පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා දින 07 ක් අයවැය...
අරගලයට වෙඩි නොතැබූ හේතුවත් හෙළිකරයි
මෙරටට සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.
වසර 40කට වැඩි කාලයක් පුරා මව්බිමේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල මෙහෙවරක් ඔහු ඉටුකළා.
ඔහුගේ විශ්‍රාම ගැනීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ...
2025 මුදල් වර්ෂය සඳහා වූ පනත් කෙටුම්පත
2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ...
වාහනයක් ආනයනයෙන් රජයට රුපියල් මිලියන 1,384ක මුදලක් අහිමි වෙයි
විදෙස්ගත ශ්‍රමිකයින්ට බලපත්‍ර මගින් විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට පසුගිය ආණ්ඩුව දුන් අවසරය හේතුවෙන් රජයට රුපියල් මිලියන 1,384ක මුදලක් අහිමි වූ බව විගණන වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.
අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය ආරක්ෂා කර නොතිබුණු බවත්, අභ්‍යන්තර පාලන ක්‍රමවේද බරපතළ ලෙස...
මනූෂගේ සොහොයුරාට මුදල් ලබාදුන් අයට වැඩ වරදී
විදෙස් ගතවීම සදහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාරට මුදල් ලබාදුන් තවත් පුද්ගලයින් සිටිනම් ඒ පිළිබදව දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඊට අදාළ තොරතුරු ලබාදීම සදහා විශේෂ දුරකතන අංකයක්ද එම දෙපාර්තමේන්තුව හදුන්වා දී ඇති අතර,...
හිටපු ඇමති මනූෂගේ සොහොයුරා අධිකරණයට
විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
ඉදිරි විමර්ශනවලට මෙම සිද්ධියට අදාළ තවත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීම පිළිබඳ තීරණය කෙරෙන බවයි...
රනිල් ඉන්දියාවේදී කියූ දේ
2040 වසර වනවිට ඉන්දියාව ලොව තෙවැනි විශාලතම ආර්ථික බලවතා බවට පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා.
එවැනි පසුබිමක ඉන් ශ්‍රී ලංකාවට විශාල වාසියක් සලසාගත හැකි බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ ජන්ම දින ශත සංවත්සර දේශනයට ඉන්දියාවේදී එක්වෙමින්...
විභාග සහතික, ඡන්දයට එනවානම් අනිවාර්යයි
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන වසරේ පෙබරවාරි මස 15 වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂාණි රෝහණධීර සදහන් කළේ, දූෂණ විරෝධි නව පනතේ අසූ දෙක (අ) වගන්තිය යටතේ මන්ත්‍රීවරුන් එම...
අල්ලස් ගත් මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
රුපියල් මිලියන 9ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයා ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු...














