සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන වසරේ පෙබරවාරි මස 15 වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂාණි රෝහණධීර සදහන් කළේ, දූෂණ විරෝධි නව පනතේ අසූ දෙක (අ) වගන්තිය යටතේ මන්ත්‍රීවරුන් එම ධුරයට පත්ව මාස 03 ක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බවයි.

මේ අතර, මැතිවරණ සදහා ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු බවට නීති සම්පාදනය විය යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ, එලෙස සම්පාදනය වන නීති අතරට කිසියම් අපේක්ෂකයෙකු සිය ජීව දත්ත පත්‍රිකාවක්ද මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවට නීතියක් ඇතුළත් විය යුතු බවයි.

source :- https://tinyurl.com/49dkyfvn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here