Tuesday, May 5, 2026

දේශීය පුවත්

ඇලකට වැටී යතුරුපැදිකරුවෙක් මරුට

යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පැදිකරු ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. අද (01) වැනිදා අළුයම් කාලයේ වැලිකන්ද, ගිනි දමන ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ. මරණකරු වයස අවුරුදු 30ක් වූ ගිනිදමන, නෙළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු පිරිතකට සහභාගී වීමෙන් පසු නැවත නිවසට...

සමාජ ක්‍රියාකාරීයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරීයෙකු වන නාමල් කුමාර, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැදවූ අවස්ථාවේදීයි. පාස්කු ප්‍රහාරය සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශ පිළිබද විමසීම සදහා...

බස් ගාස්තු අසීමිත ලෙස වැඩි වීමට නියමිතයි

ජූලි මාසය වන විට බස් ගාස්තු අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට ලබා දෙන බවත් එසේ ජනතාවට සහන ලබා දීමට නම් ඉන්ධන මිල...

දේශිය ටයර් මිලෙහි වෙනසක්

දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට දේශිය ටයර් නිෂ්පාදකයින් එකගතාවය පළ කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. දේශිය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළද අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවය පළ කළ බවයි සිය ෆේස්බුක් ගිණූමේ සටහනක්...

අපරාධ කල්ලි නායක පියුමා යළි රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත්  "පියුමා" ලබන වසරේ ජනවාරි මස 14 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළා. විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවීම, මනුෂ්‍ය ඝාතන...

ඩෙංගු රෝගය යාපනය පුරා පැතිරෙයි

යාපනය දිස්ත්‍රික්කය තුළ හිස එසවූ මී උණ යම් තරමකින් පාලනය වෙද්දී මේ වනවිට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් පවසනවා. අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ, යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...

රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 1. 5 ක ආදායමක්

පසුගිය වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 1. 5 ක් ඉක්මවූ ආදායමක් උපයා තිබෙනවා. එය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායමයි. රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ඉහළ...

රුසියාවේ ගෑස් ප්‍රවාහනය නතර කරයි

රුසියාව විසින් නිෂ්පාදනය කෙරෙන ගෑස් යුරෝපා සංගම් රාජ්‍යයන් වෙත ප්‍රවාහනය අද සිට නතර කිරීමට යුක්රේනය තීරණය කර තිබෙනවා. යුක්රේනයේ සහ රුසියාව අතර පස් අවුරුදු ගෑස් ගිවිසුම අදින් අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්. 2022 වසරේදී යුරෝපා සංගමය විසින්...

රුපියල් 6,000 දීමනාවට තෝරාගැනීම් පටන්ගැනේ

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපි‍යල් 6,000ක දීමනාව ලබාදීමේදී ඔවුන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අනුව, එම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන...

බස් රථයක ගැටීමෙන් පාපැදිය පැදවූ දරුවා මරුට

උළුක්කුලම පොලිස් වසමේ අවරන්තුලාව පාවක්කුලම මාර්ගයේ යුනිට් 02 ප්‍රදේශයේදී වව්නියාව දෙස සිට යුනිට් 07 දෙසට ධාවනය වූ බස් රථයක අතුරු මාර්ගයක සිට කුඩා දරුවෙකු පදවාගෙන පැමිණි පාපැදියක් ගැටී එම බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් එම දරුවා ඊයේ (31) මියගොස්...
statistics