රුසියාව විසින් නිෂ්පාදනය කෙරෙන ගෑස් යුරෝපා සංගම් රාජ්‍යයන් වෙත ප්‍රවාහනය අද සිට නතර කිරීමට යුක්රේනය තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ සහ රුසියාව අතර පස් අවුරුදු ගෑස් ගිවිසුම අදින් අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

2022 වසරේදී යුරෝපා සංගමය විසින් රුසියාවෙන් ගෑස් ආනයනය සැලකිය යුතු ලෙස අඩු කර තිබුණා.

කෙසේ නමුත් ස්ලෝවැකියාව සහ ඔස්ටි්‍රයාව ඇතුළු යුරෝපා සංගම් සාමාජිකයින් කිහිප දෙනෙකු රුසියාවෙන් සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් ආනයනය කිරීමට කටයුතු කරනු ලැබුවේ.

කෙසේ වෙතත් රුසියානු ගෑස් මත යැපීම අඩු කළ යුරෝපා සංගමයේ ඇතැම් සාමාජික රටවල්, කටාර් සහ ඇමරිකාවෙන් මෙන්ම නෝර්වේ රටවල් මගින් ගෑස් සහ විකල්ප මූලාශ්‍ර සපයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

source :- https://tinyurl.com/2zt46wxc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here