Thursday, April 23, 2026

දේශීය පුවත්

ඉෂාදි අමන්දාට රූ රැජින තරගයේ දෙවන තැන

2024 ලෝක විවාහක රූ රැජිණ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගෙන තිබෙනවා. මෙවර මෙම තරගය පවත්වනු ලබන්නේ 40 වෙනි වතාවටයි. 2024 ලෝක විවාහක රූ රැජිණ තරගය ලාස් වේගාස් හි පැවත්වුණා. source :- https://tinyurl.com/4ysvdv65

පිහිනුම් තටාකයට තල්ලු කෙරූ හෝටලේ නිලධාරිනිය

විදෙස් සංචාරකයින් පිරිසක් තරු පන්තියේ හෝටලයක පිහිනුම් තටාකයේ රාත්‍රී කාලයේ බීමතින් දියනාමින් සිටියදී ඊට විරෝධය පල කිරීම නිසා එහි සිටි පිළිගැනීමේ නිලධාරිනියක් බලහත්කාරයෙන් පිහිනුම් තටාකයට තල්ලු‍ කිරීමේ සිද්ධියක් වාද්දුව ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. හෝටලයට නවාතැන් ගැනීම සදහා පැමිණ...

පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකින් මියයයි

පුස්සැල්ලාව පොලිස් වසමේ කළුගලවත්ත ප්‍රදේශයේ තේ වත්තක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (30) බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරනවා. මරණකරු වයස අවුරුදු 52ක් වූ කළුගලවත්ත, පුස්සැල්ලාව...

අදත් ගිගුරුම් සහිත වැසි

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (31) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර...

ගාල්ල වෙඩි තැබීමේ සිද්ධියේ අලුත් තොරතුරු

හිනිදුම පොලිස් වසමේ මහා බෝධිවත්ත ප්‍රදේශයේ නවාතැන්පොලකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (30) රාත්‍රී කාලයේ දී නවාතැන් පොලේ හිමිකරු ඇතුලු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් තිබුණා. එසේ වෙඩි වැදුණු පුද්ගලයින් තිදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. පල්සර් වර්ගයේ...

ලොරි රථයක ගැටී සිසුවෙකු මරුට

මීගහවත්ත පොලිස් වසමේ නව නුවර මාර්ගයේ දරණාගම වංගුව අසලදී වැලිවේරිය දෙස සිට බියගම දෙසට ධාවනය වූ යතුරු පැදියක්, ඉදිරියෙන් ගමන් ගත් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ඊයේ (30) රාත්‍රී කාලයේ දී ගැටී අනතුරක් සිදුව...

පරිභෝජනයට නුසුදුසු පාන්පිටි හමුවෙයි

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි පැකට් 30,000ක් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ මෝදර, මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ගබඩාවකින්. මෙම වැටලීමේදී සොයාගෙන ගෙන ඇත්තේ, කිලෝග්‍රෑම් 25 බැගින් තිබූ තිරිඟු පිටි බෑග් තොගයක්. source :- https://tinyurl.com/yc5432ua

බහාලුම් අර්බුදයට සංගම් 29කින් ඒකාබද්ධ යෝජනාවක්

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනයට මතුව ඇති බාධා ඉවත් කිරීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා කෙටිකාලීන යෝජනා 6ක් සහ මධ්‍යකාලීන යෝජනා 5ක් ඉදිරිපත් කර ඇති බවයි...

කෝටි 4ක මුදලක් යට කර අභාවයට යන ශ්‍රවණාගාර ගොඩනැගිල්ල

පොළොන්නරුව පලුගස්දමන විද්‍යාලයේ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල කලක පටන් වැඩ නතරවීමෙන් අසීරුතාවට පත්ව සිටින සිසු දරුවන් සහ මව්පියන් ඉල්ලා සිටින්නේ කඩිනමින් එහි ඉදිකිරීම් අරඹා සිසුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට දායක කර දෙන ලෙසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව අධ්‍යාපන කලාපයට අයත් පලුගස්දමන මහා විද්‍යාලයේ...

ජපන් වාහනවල ඔබ පුදුම කරවන මිල මෙන්න

මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර්...
statistics