හිනිදුම පොලිස් වසමේ මහා බෝධිවත්ත ප්‍රදේශයේ නවාතැන්පොලකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (30) රාත්‍රී කාලයේ දී නවාතැන් පොලේ හිමිකරු ඇතුලු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් තිබුණා.

එසේ වෙඩි වැදුණු පුද්ගලයින් තිදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

පල්සර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී 56  ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය නවාතැන්පොලේ හිමිකරු වයස අවුරුදු 55ක් වූ මහා බෝධිවත්ත, පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම මියගිය අනෙක් මරණකරුවන් දෙදෙනා හිනිඳුම හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන් මත්පැන් පානය කරමින් සිටියදීයි වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ.

එම අවස්ථාවේ ඒ අසළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මත්පැන් පානය කරමින් සිටි ඇති අතර වෙඩි තැබීමත් සමඟ ඔවුන් පළා ගොස් තිබෙනවා.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ.

තවද, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිනිඳුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/2s4s7ast

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here