පොළොන්නරුව පලුගස්දමන විද්‍යාලයේ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල කලක පටන් වැඩ නතරවීමෙන් අසීරුතාවට පත්ව සිටින සිසු දරුවන් සහ මව්පියන් ඉල්ලා සිටින්නේ කඩිනමින් එහි ඉදිකිරීම් අරඹා සිසුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට දායක කර දෙන ලෙසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව අධ්‍යාපන කලාපයට අයත් පලුගස්දමන මහා විද්‍යාලයේ පාසැල් දරුවන් 1,030ක් පමණ මේ වනවිට අධ්‍යාපන කටයුතුවල නිරත වනවා.

දරුවන්ට අවශ්‍යව පැවැති පාසල් ශ්‍රවණාගාරයක් ඉදිකිරීම පසුගිය ආණ්ඩු සමයේදී ආරම්භ කෙරුණ ද එම ඉදිකිරීම් අතරමග නතර වී ඇත්තේ පැන නැගුණු විවිධ ගැටලු මුල්කර ගනිමින්.

ඒ සඳහා උතුරු මැද පළාත් සභාවෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් ද වෙන්කර තිබෙනවා.

මව්පියන් පවසන්නේ පාසැල් ශ්‍රවණාගාරය ඉදිකිරීම් කටයුතු අතරමග නතරවීම නිසා රුපියල් කෝටි ගණනක දේපළක් විනාශ වෙමින් පවතින බවයි.

ඉදිකිරීම් අතරමග නතරවීමෙන් පාසැල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පාරිසරික ගැටලු රැසකට ද මුහුණ පෑමට සිදුව ඇතැයි මව්පියන් පෙන්වා දෙනවා.

පලුගස්දමන මහා විද්‍යාලයේ පවතින මෙම අඩුලුහුඩුකම් හේතුවෙන් දරුවන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට ඉඩ ඇහිරී ඇති බැවින් මව්පියන් ඉල්ලා සිටින්නේ ඉදිකිරීම් කඩිනම් කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඔවුන්ගේ සහජ කුසලතාවලට ඉඩ හසර ලබා දෙන ලෙසයි.

source :- https://tinyurl.com/4b4msbc4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here