යාපනයේ ධීවරයෙකුට අත්වූ ඛේදනීය ඉරණම
යාපනයේ ධීවරයෙකු විෂ මත්ස්‍යයෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඊයේ (5) මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි එස්.රජීවන් නැමති 27 හැවිරිදි ධීවරයෙක්.
ඔහු සුපුරුදු පරිදි තවත් දෙදෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර, ස්වල්ප වේලවකදී ඔහු කෑ ගසන්නට පටන් ගෙන තිබෙන...
කාන්තාවන් හතරදෙනෙකු බිම් බෝම්බයක් පිපිරීමෙන් තුවාල
මුලතිව් - මාන්කුලම්, තුනුකායි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් හතරදෙනෙකු බිම් බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබෙනවා.
ඔවුන් උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතන ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සේවය කරන පිරිසක්.
එම කාන්තාවන් මේ වනවිට කිලිනොච්චි රෝහල වෙත මාරුකර යවා...
පාසල් සිසුන් විශාල ප්‍රමාණයකට සුවිශේෂී අවස්ථාවක්
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
උපරිම රුපියල් ලක්ෂ පහළොවක්...
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් ව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන...
දිනුකගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විදුහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 550ක්, සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි...
බස්නාහිර පළාත ඇතුලු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
අද (6) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ...
මෝටර් රථයක් යෝධ ඇලේ පිටවානකට පෙරලෙයි
ගිරිතලේ - ඇලහැර ප්‍රධාන මාර්ගයේ යාය 24 මංසන්ධියේදී බකමූණ ප්‍රදේශයේ සිට මෝටර් රථයක් යෝධ ඇලේ පිටවානකට පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
පොලොන්නරුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක කොටසකට පැමිත තිබූ පස් කණ්ඩියක ගැටීමෙන්...
වැටුප් සහිතව රාජ්‍ය සහ පෞද්ගලික අංශයට නිවාඩු
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ...
ගුරු සේවයේ විශාල වෙනසක්
ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඊයේ(04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව...
ජාත්‍යන්තර වරෙන්තුකරුවකු මෙරටින් පිටුවහල් කරයි
චීනයේ මහා පරිමාණ ලෙස මුදල් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු නිකුත් කර සිටි 28 හැවිරිදි චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබෙනවා.
මොහු ඊයේ (04) රාත්‍රියේ මාලදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ...














