
චීනයේ මහා පරිමාණ ලෙස මුදල් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු නිකුත් කර සිටි 28 හැවිරිදි චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබෙනවා.
මොහු ඊයේ (04) රාත්‍රියේ මාලදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණා.
source :- https://shorturl.at/eIevF








