රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දක්වා ඇත.

නමුත් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවූ එවැනි විශේෂ නිවාඩු නොමැති හෙයින් සේවා යෝජකයන් සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු නොදෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඒ අනුව, පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු ලබා දීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කර ඇත.

එය පහත පරිදි වේ.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු – දින භාගයක නිවාඩුවක්

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ත් කිලෝමීටර් 100ත් අතර – දින එකයි

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 100ත් කිලෝමීටර් 150ත් අතර – දින 1 1/2

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 150ට වැඩි – දින 2යි

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනුයේ, සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර, සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාල සීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙළ කර සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ👇

source :- https://shorturl.at/4pc8I

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here