Sunday, April 26, 2026

දේශීය පුවත්

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 ඉක්මවයි

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ...

රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.14ක්

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.14ක් රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම...

විවෘතව අමුත්තන් බැලීම සඳහා රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

අදට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් හෙවත් ඕපන් විසිට් අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන...

අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්

අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකි තාක්දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටි. ‌ source :- t.ly/b6EVv

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි

ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පිල්ලක් හානි වීමක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාදයට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. එමෙන්ම දුම්රිය සේවය යළි යථා තත්ත්වයට...

ගායන ශිල්පී සේනක බටගොඩ අද අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 66 වියේ පසුවූවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී...

අද මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පංති තහනම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත්...

අද සිට පාසල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..

ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද (11) සිටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ...

20ක් රෝහල් ගත කළ දුම්මලදෙණියේ අනතුර

වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද (11) අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. අනතුරින් හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය...

මෙරටට රැගෙන ආ වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට

නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (10) දින පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම කහ තොගය හමුව ඇති බවයි. එම වියළි කහ...
statistics